
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින පොලිස් කණ්ඩායම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී 2018 වසරේ දී ඉන්දියාවට පලාගොස් තිබුණේ මන්නාරමට ගොස් එහි සිට බෝට්ටුවකින් යැයි එම බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීය.
ඉන්දියාවට පලාගිය ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඔහුගේ ගෝලයා වන ගොත අසංක සමඟ එක් වී මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් මෙහෙයවමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ,කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බවට දපොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
කුමන හේතුවක් මත ඉන්දීය ආරක්ෂක මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ දැයි යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට නිල වශයෙන් තවම දැනුම්දීමක් කර නොමැති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු වෙන් කළ විමසුමකදී කීය.
ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවට ආරංචි පැතිර යන බව ද පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ද තහවුරු කළේය .

